පට්ට කෑල්ල යනු............
හැබෑටම පට්ට කෑල්ලක් හා ගොඩේ කෙල්ලෙක් අතර වෙනස මොකක්ද. සාමාන්‍යයෙන් පට්ට කෑල්ලක් කියන්නෙ කොට සායක් ඇදපු, ඒකත් අඟල් පහ හයක් පලපු, උඩත් අමාරුවෙන් වහගත්ත, කොණ්ඩෙ ස්ට්‍රේට් කරපු, මූණ පුරා පැලැස්තරයක් දාපු, තොල් දෙක ගිනියමට පේන්න පාට කරපු.... ඔන්න ඔය වගේ කෙනෙකුටනෙ.
එතකොට සාමාන්‍යෙයන් ගොඩේ කෙල්ලෙක් කියන්නෙ, බෝරිච්චි අත් දාල දණහිස වැහෙන්න චීත්ත ගවුම ඇදපු, කොණ්ඩෙ තෙල් ගාල ගොතපු, පැලැස්තර නැති සාමාන්‍ය මූණක් තියෙන... ඔන්න ඔය වගේ කෙනෙකුටනෙ. පට්ට කෑල්ලකට පට්ට කෑල්ල කියන්නෙ ඇයි, දැක්ක ගමන් ඇහේ පොට යන නිසාද. එතකොට ගොඩේ කෙල්ලෙක්ට ගොඩේ කෙල්ල කියන්නෙ ඇයි, දැක්කම ඇහිපිය නොගහ ඕනෙ තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් නිසාද.
සාමාන්‍යයෙන් කෙල්ලෙක් උපතින්ම පට්ට කෑල්ලක් වෙන්නෙ නෑනෙ. ටිකක් මෝරල සමාජයට එනකොට සමාජයට කලින් කෙල්ල වෙනස් වෙනව, ගෙදර ඉන්න අහිංසක දෝනි පට්ට කෑල්ලක් වෙනව. මේක සමහරු හොදයි කියල හිතුවත් පට්ට කෑල්ල කියන සංකල්පය තුල කාන්තාව කියන චරිතය විශාල පරිහානියකට ලක්වන බවයි මගේ නම් හැගීම. මේවට සෘජුවම වග කියන්න ඕනෙ දෝනිලගෙ අම්මල. ඒ මොකෝ තමන්ගෙ දෝනිගෙ වෙනස් කම් සමාජයට කලින් දකින්නෙ අම්මල නෙව. අම්මලට පුළුවන් වෙන්න ඕනෙ හොද නැති දේට, ගැලපෙන්නැති දේට විරුද්ධ වෙන්න, අම්මල දෙයක් අනුමත කරපු ගමන් සමාජය ඊට වඩා උඩින් ඒක අනුමත කරනව, විශේෂයෙන්ම දෝනිලාගේ පරිහානියට හේතුවෙන දේවල්. සමහර වෙලාවට මම දැකපු දෙයක් තමයි අම්මල දූල පාරෙ යන කොට දුව පට්ටම කෑල්ල වගේ අම්ම එක්ක යනව, අම්ම පට්ට ඩබල් වෙන්න යනව, එතකොට දුවට වඩා අම්ම පට්ට කෑල්ල වෙලා. එහෙම තත්වයක ඉන්න අම්මල නම් දෝනිලගෙ විච්චූරන වලට විරුද්ධව කට අරිනව බොරු. හැබැයි තවත් අම්මල ජාතියක් ඉන්නව මෙන්න මෙහෙම, එයාලට ඕනෙ ටී.වී එකේ දකින ඈයො වගේ තමන්ගෙ දූලට අන්දවන්න, අරමුණ මොකක්ද කියන එක නම් මට පැහැදිලි නෑ, හැබැයි කතාව ඇත්ත. තවත් සමහර ඈයො ඉන්නව දූගෙ හිත නොරිදෙන්න අන්දවනව, දූලත් ඉතින් ඒ වෙලාවට අම්මට පණ වගේ, හැබැයි කරන තරමක් කරන්නෙ හොර වැඩ.
කොහොමින් කොහොමින් හරි අහිංසක දෝනි පට්ට කෑල්ල වෙලා සමාජයට ගියපු ගමන් හැම තැනින්ම ඉල්ලුම. එහෙන් කොල්ලො ආදරේ ඉල්ල ඉල්ල පොරකනව, නිකමට හරි ටී.වී. වැඩසටහන් කරන කෙනෙක් දැක්කොත් ඇඩ් එකකට එන්න කියනව, ඊට පස්සෙ සිංදුවල විශුවල්, ටෙලි නාට්‍ය...... මේ හැම එකක් ඇතුලෙම අයුතු යෝජනා. දෝනිම දන්නෑ දෝනිට වෙන්නෙ මොකද කියල, දෝනිලයි අම්මලයි හිතන් ඉන්නෙ දෝනි පට්ට කෑල්ල උනාම මොළෙත් පට්ට යන්නම දියුණු වෙලා බුද්ධිය වැඩි වෙලා, සමාජය තේරුම් අරන් ඇති කියල. අන්තිමට සමාජය තමන් කවුද කියල හංවඩු ගහද්දි තමා දැනගන්නෙ තමන්ට වුනු සන්තෑසිය, එතකොට නම් ඉතින් අම්මල දෝනිල රත්වෙලා වැඩක් නෑ..., බිත්තර තම්බන්නයෑ...... ගමේ ඉන්න අහිංසක කෙල්ලො නගරෙට ආවමත් මෙන්න මේ සන්තෑසියට මුහුණ පානව, දැන් දැන් ගම් වල ඉන්න කෙල්ලොත් පට්ට කෑලි වෙන්න පටන් අරන්.
සාමාන්‍යයෙන් ගොඩේ කෙල්ලෙක්ය කියල හදුන්වන අහිංසක දෝනි කෙනෙක්ගෙ ජීවිතේ ගෙවිල යන්නෙ කොහොමද, කෙටියෙන් කිව්වොත් පොඩි කාලෙ අම්මත් එක්කම පස්සෙන්මයි, ලොකු වෙන කොට ඉස්කෝලෙ යනව, ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනව, අම්මලත් එක්ක නෑදෑයොත් එක්ක ගෙදරට සුරැකිව මලක් වගේ පරිස්සමට තරුණ කාලෙ කල්ගෙවනව, හැමෝගෙම ආශිර්වාද මැද්දෙ ගැලපෙන දීගෙකට යනව, ඊට පස්සෙ යුග දිවිය. එතකොට සාමාන්‍යයෙන් දින චර්යාව කෙටියෙන් කිව්වොත්, උදේට නැගිටිනව, මිදුල අතුගානව, ගේ අතුගානව, බුදුන් වදින කෙනෙක් නම් බුදුන් වදිනව, ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ වැඩකටයුතු කරනව, ගෙදර ඉන්න කෙනෙක් නම් අම්ම එක්ක ගෙදර වැඩක් කරනව, එක්කො මොකක් හරි මහනව. රස්සාවක් කරන කෙනෙක් නම් ඒකට යනවා.... මේ විදියටනෙ. එතකොට පට්ට කෑල්ල... උදේම ෆේෂල් එක දානව, ඒක දාගෙන පැයක් විතර ඉන්නව, ඊට පස්සෙ කෝල් දෙක තුනක් එනව, ඒකෙ එල්ලිලා පැය ගානක් ඉන්නව, කොහේ හරි යන කෙනෙක් නම් එහේ යනව, යන ගමන් සුපිරි කඩේකින් ෂොටීට්ස් අරන් උදේට කනව, සැලූන් යනව. ගෙදර ඉන්න කෙනෙක් නම් උදේට මොනව හරි කාල කාමරේට රිංගනව, නැත්තම් ටී.වී බලනව. ටොප් චාර්ට්ස් අහනව, පොඩ් නින්දක් දානව, දවල්ට කනව... ඔහොමනෙ.
කොස්සකින් හරියට කාමරයක් අතුගාගන්න බැරි පට්ට කෑලි කොයිතරම් ඉන්නව ඇත්ද, පොල් කෑල්ලක් ගාගන්න බැරි පට්ට කෑලි කොයිතරම් ඉන්නව ඇත්ද. ඒත් ගොඩේ කෙල්ලෙක්ට ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්... බැරි මොනවද, සත්‍ය වශයෙන්ම ගොඩේ කෙල්ලෙක් කියන නම ඒ ඇත්තියන්ට සාධාරණයි කියලයි මට හිතෙන්නෙ. එතකොට පට්ට කෑලි නිරායාසයෙන්ම මඩේ කෙල්ලන් වෙනව නෙව. එතකොට ගොඩේ කෙල්ලද පට්ට කෑල්ලද තමන්ගෙ ජීවිතේ අර්ථවත්ව ගත කරන්නෙ, අර්ථවත් කියන එක කොහොම උනත් විනාස නොවී. ඒ නිසා තමන් පට්ට කෑල්ලක් වීමට උත්සහ දැරීමෙන් සිද්ධ වෙන්නෙ තමන්ගෙ විනාශයක් පමණක් බව හැම දෝනි කෙනෙක්ම හිතට ගන්න ඕනෙ. ගොඩේ කෙල්ලො කියල එකක් නෑ, ඕව සමාජය විසින් හදපු පුස් කතා. හැම දෝනි කෙනෙක්ම රටට වටින දෝනි කෙනෙක් වෙන්න උත්සාහ කරන්න, ඉගෙනීමෙන් පමණක් නෙමෙයි හැදියාවෙනුත් නොම්මර එක වෙන්න ඕනෙ. ලැජ්ජ බය කියන එක තේරුම් ගන්න, අම්මල ඕව කියල දෙන්නෙ නැත්තම් කරදර කරල අහන්න අම්මෙ මොකක්ද ලැජ්ජ බය කියල. දෝනිලත් තේරුම් ගන්න ඕනෙ තමන්ගෙ සීමාව මොකක්ද කියල, කෙසේ වෙතත් අම්මල මේ වගකීම කර නොඇර භාරගන්න ඕනෙ, නැත්තම් අපේ රට සදාකාලිකවම පට්ට කෑලි වලින් පිරුණු රටක් බවට පත් වේවි.
ප.ලි. මේ ලිපිය ටිකක් සැර වැඩිද මන්ද, තිත්ත උනත් ඇත්තනෙ අප්පා. මේව හංගල තිව්වම වෙන්නෙ තව තවත් සමාජය අගාධෙට යන එකනෙ, ඒකයි පුළුවන් තරම් ආවේගය පාලනය කරගෙන හරි ලිපිය ලිව්වෙ, මෙව්ව ලියද්දි ඉතින් හිතට එන ආවේගෙත් එක්ක ලිපිය සැර වැඩි වෙන වලක්වන්නත් බෑ නෙව. කොහොමින් කොහොමින් හරි මට හැකි පමණ උපරිමයෙන් ලිපිය සමබර කරන්න උත්සාහ කලා, බොහෝමත්ම ස්තුතියි එහෙනම් කියෙව්වට.
මන්ඩිපාලගේ සටහනක්
No comments:
Post a Comment