Wednesday, April 30, 2014

පැණියා


මේක අපි අවුසද විද්‍යාලෙට ගිය අලුත වෙච්ච සත්‍ය සිද්ධියක්.... ඔය කාලෙ පටි ජොක්කු කරලියට ආපු කාලේ.... තමන්ට පටි එකක් තියෙනවා කිවුවම කොල්ලන්ට පොඩි ගතියකුත් තියෙනවා.....සිද්දිය උනේ අපේ පැණියට. මේකා අවුසද විද්‍යාලෙට එන්න අලුතෙන්ම පටි ජොක්කු තුනක්ම අරන්.
කොහොම හරි තව යාලුවො තුන් දෙනෙකුත් එක්ක මූ බෝඩිමකට සෙට් උනා කියමුකෝ.......බෝඩිමේ ඉන්නෙ වයසක ඇන්ටියි අංකලුයි. ඇන්ටි හිටපු ගුරුවරියක්..... දැන් හා හා පුරා කියලා බෝඩිමට ගිහිල්ලා දෙයියනේ කියලා නාලා කියල කාලා කට්ටිය නිදා ගත්තා...... පහුවෙනිදා එලිය වැටෙනන කොටම දොර ටොක් ටොක් ගානවා.... බැලින්නම් බෝඩිමේ ඇන්ටි.
පුතාලා වෙන බෝඩිමක් හොයා ගත්තොත් හොදයි නේද..........
පුදන කොටම කාපි යකා කියපිය.............
කට්ටිය පුල් හොල්මන්. හොල්මන් ද පොල් කොල... මොකක්ද බොලේ මේ උනේ.... ආවා විතරයි....
ඇයි ඇන්ටි අපෙන් මොකුත් වරදක් උනාද.....
අපි උපන්නට පස්සේම හොදටම හිටියෙ ඊයෙද කොහෙද..........
මේපුතා (පැණියා) ඊයෙ අසභ්‍ය විදිහට ෂවර් එකේ නාලා තියෙන්නෙ. මටත් ලැජ්ජයි.......
එහෙම වෙන එක අපේ තත්ත්වෙටත් හරි නැහැ ඒකයි මම කියන්නෙ.......
නාන්න තියෙන්නෙ එලියෙ හයි කරපු ෂවර් එකකින්..... හැබැයි අපි ඔක්කොම බොහෙම ඩීසන්ට් විදිහට නෑවා කියල තමයි කල්පනාව.....
මොකද පැණී උනේ....
ඒක තමයි බං මාත් කල්පනා කරේ..... මං පටි එකා දාගෙන නෑවේ.... ඒකද දන්නෙ නැහැ අවුල....
හේතුව ඒක වෙන්න ඇති කියලා හිතලා කට්ටිය බොහෙම අප්සැට් එකේ විද්‍යාලෙට යන්න ලෑස්ති වෙනවා....
ඔය අතරෙදි තමයි ජොකා ඇදලා කලිසම අදිද්දි පැණියගේ සරම කැඩිලා බිම වැටෙන්නෙ....
ඒත් එක්කම ඒ මෙහොතෙම දස බිම්බරක් මාර සෙනග පරාජය කරලා කට්ටිය සත්‍යාවබෝධය ලබනවා.......
සාධු..... සාධූ....... සාධූ...............
පැණියා පටි ජොකා අදින්නෙ අනිත් පැත්තට.......... පටි දෙක ඉස්සරහට...... කෑල්ල පස්සට.....
ගැජට් එක එලියේ...............

2 comments:

  1. //ගැජට් එක එළියේ//

    අම්බෝ බං ඌට සයිකොද :/

    අද තමයි ඉස්සෙල්ලම ආවෙ ඈ... ආතල් ඈ... දිගටම එනෝ...

    ReplyDelete
    Replies
    1. තෑන්කුයි ධනා........
      ආදරෙන් සාදරෙන් පිලිගත්තා එහෙනං...... ආයිබෝං
      මෙන්න සැලියුට් එක......

      Delete