Monday, May 12, 2014

ලිපිය

භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට කම් නැත)

භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට කම් නැත)
මාගේ ආදරණිය භාර්යාව වෙතය,
පසුගිය අවුරුද්ද තුල මම ඔයා එක්ක කායික සම්බන්ධතා ඇතිකරගැනීමට තුන්සිය හැටපස් වාරයක් (සාමාන්‍යයෙන් දිනකට එක් වරක් බැගින්) උත්සහා ගත් බව ඔයා හොඳාකාරවම දන්නා දෙයකි. එම අවස්ථාවන් මග හැරීමට ඔයා ඉදිරිපත් කල නිදහසට කාරනා ලැයිස්තුව පහත සඳහන් කරමි.
1. අද හොඳ නෑ (නරක දවස්) - දින 36
2. කොන්ඳ රිදෙනවා - දින 28
3. ඔලුව කකියනවා - දින 25
4. ඔයාට පිස්සුද මේ මහ දවල් - දින 16
5. බඩ රිදෙනවා - දින 27
6. දතක් කකියනවා - දින 04
7. අද නම හරිම මහන්සියි අනේ - දින 30
8. මෙහෙම දාඩිය දානකොට පුලුවන් ද - දින 09
9. සොන ජරාවක් බීලාද දන්නෑ, ගඳේ බැහැ - දින 16
10. පොඩි එකා ඇහැරෙයි - දින 18
11. අල්ලපු කාමරේ ඉන්න නෑදෑයන්ට ඇහැරෙයි - දින 18
12. පෙති ඉවරයි ගෙන්න අමතක උනා - දින 05
13. අද හරියට රෑ උනා වැඩියි - දින 06
14. හෙට පාන්දර නැගිටින්න තියනවා - දින 04
15. බොරුවට නිදාගෙන වගේ සිටීම - දින 44
16. පෙත්ත ගන්න අමතක උනා - දින 05
17. ඇයි වදේ ඔයාට ඕකම විතරක්ද ඕනේ හැබෑට - දින 67
------------
දින 358
අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන් - දින 07
------------
එකතුව - දින 365
========
ඉහත සඳහන් කරුණූ ගැන මනා සංයමයකින් කල්පනා කොට අසරණ මා වෙත මේ අවුරුද්දේ වත් මෙම වැඩපිළිවෙල සාර්කත ලෙස කරගෙන යාමට සහයෝගය ලබාදෙන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.
මෙයට ඔබේ ආදරණිය
ස්වාමී පුරුෂයා
ප.ලි :-
ගොඩක් වෙලාවට ඔයා ඔයාගේ ඉල්ලීම් ඉල්ලන්න පාවිච්චි කරන්නේ ඇඳ.. මම ඇඳට එන්නේ එකතුවෙන්න බලාගෙන.. ඔය බලාගෙන ඉන්නේ එකතු කරගන්න... එහෙමත් නැතනම් මොකක් හරි පැමිණිල්ලක්.. සැකයක් විසඳගන්න...
මතකද.. එදා මගදී ඔයා මගේ ඇහැව්වා...
ඇයි ඔෆිස් ගිහින් මට කථා නොකලේ කියලා.... ඇයි දෙයියනේ ඔයාට ඒ වෙලාවටවත් බැරිද මා ගැන තියන සැකේ අතෑරලා හිතන්න.... දෙයියන්ගේ නාමෙට බුදියගන්න එකවත් සැකයක් නැතිව බුදියගන්න..එක්කෝ ඇඳට එනකොටම ඔයා කියන්නේ අපේ අම්මාගේ වැරැද්දක්.. එක්කෝ අඩුපාඩුවක්... ආදරේ කරන්න නෙමෙයි මුලු පවුල් ජීවිතේම එපා වෙනවා ඒ වෙලාවට නම්...
ඔයා දන්නවා මම කොයිතරම් ඇකැමැතිද කියලා ඔයා වහලේ උළු ගනින එකට.. කොච්චර කිව්වත් ඔයා අහන්නේ නැහැ නේ... ඇත්තමයි මට වෙලාවකට මේ දේවල් එපා වෙනවා...
බලන්න ඔයා ඉස්සර කොච්චර ලස්සනට අඳිනව.. හැඩයිද.... දැන ඔයාගේ හැටි... ලබ්බට කොටු ගහලා වගේ.. මුලු ඇඟම බැළුම් බෝලයක් මැදින් නුලක් ගැටගහලා වගේ හැඩයි...
උදේට දකින්නෙත් හවසට දකින්නෙත් පපුව බඩේ තියාගෙන ඉන්න ඔයාව... ඇයි ඔයාටත් බැරි අර අල්ලපු ගෙදර සීතා වගේ ලස්සනට ඇඳලා කරලා ඉන්න.. .ඔයාට කිවවාම ඔයා කියන්නේ “ඇයි දෙයියනේ තමුසටෙ ඒක විතරද පේන්නේ.. උදේ ඉඳලා රෑ වෙනකම් ළමයි එක්ක මහන්සිවෙන එක තේරෙන්නේ නැද්ද ?“ කියලා... මට තේරෙනවා... ඒත් මමත් කැමතියි මගේ ගෑණි ලස්සට පිළිවෙලට ඉන්නවා දකින්න... මමත් හැඟීම් දැනීම් තියන මනුස්සයෙක්..
සැමියා .
..
.
.
Reply letter from wife..
මගේම ආදරණිය ස්වාමිපුරුශයා වෙත ලියමි,
ලිපියේ ඉහත ඔබ ලියා ඇති දේ පිළිගන්නා අතර ප:ලි කොටසට පිළිතුරු සැපැයීම භාර්යාව වන මාගේ වගකීම බැව් සිතෙනා නිසා මෙලෙස සටහන් කරමි.
මාගේ ඉල්ලීම් දිනා ගැනීමට සහ යමක් ඔබ සමඟින් කතා කිරීමට ඔබ හා තනිවිය හැකි වෙනත් අවස්ථාවක් ඇති නම් ඒ බව පවසන්න. ඔබ අල්ලා ගත හැකි එකම ස්ථානය ඇඳ නොවේද?
සැකයක් ඇති වූ විගසින් එය විමසීමට යාමේදී ඔබට සෑම විටම රාජකාරි බහුලය. ඇත්තටම ඔයා අල්ලපු ගෙදර සීතා ඔෆිස් යන වෙලාව බලල ඒ වෙලාවටම එළියට බහින්නෙ ඇයි?
වහලෙ උළු ගනින්නෙ ඔයාට හැමදාමත් ඕනි ඔයාගේ සතුටම විතරක් නිසා. ගැහැණියකට සතුට කියන්නේ පිරිමියා ඇඟ මත නැඟල කරන දේ විතරද ? ගෑණියකට කොච්චර ප්‍රශ්ණ තිය ද? උදේ පාන්දර නැගිටල ඔයාට ඔෆිස් ගෙනියන්න බත් ගෙඩියට අඩු වැඩිය උයන කොට ,ඇයි ඔයාට බැරි මා ළඟට වෙලා ලූණු ගෙඩියක් කපල දෙන්න, පොල් ටිකක් ගාලා දෙන්න. අඩුම තරමින් ළඟින් ඉදන් කරන වැඩ දිහා බලා ඉන්න. උදේ ඉදන් රෑ වෙනකම් මම පුක කැඩිච්ච කඩිය වගේ වැඩ කරද්දි. ඔයා උදේ පාන්දර වෙනකම් පස්ස උඩාදාගෙන නිදියල , රෑ වෙලා ආපු ගමන් ඇඳට වැටෙනවා.... කුස්සියෙ වැඩත් ඉවර කරලා,ඔයාගේ අම්මගෙ අදෝනාත් අහන් ඉදල දරුවන්ගෙ වැඩත් ඉවර කරල මම ඇඳට එන්නෙ ඔයාටත් පස්සේ නේද ?
බැලුම් බෝලේ මැදින් එල්ලපු නූල, අනේ මගෙ කට. තමුන්ගෙ දේවල් තමුන්ටම නොපෙනෙන්න කලගෙඩියක් වගේ ආපු ඔයැයිගෙ බඩ ඔයැයිට පේන්නෙ නැද්ද.එහෙම උනයි කියලා මයෙ ආදරේ අඩු වෙලා අර එහා ගෙදර සීතාගේ මල්ලි සික්ස් පැක් ආපු හාදයත් එක්ක මම යනවද නෑනේ.
ලස්සනට අඳින්න ,ඔයා මට අලුත් ඇඳුමක් අරන් දීපු කාලයක් මතක් කරල බලන්න.ඉස්සර මම ලස්සනට ඇන්දේ ඔයා අරන් දීපු ඇඳුම් නෙමෙයි ද? උදෙ ඉඳන් රෑ වෙනකම් ගේ අස්සෙ ලැග ගෙන ඉන්න මට ඇඳුම් ගන්න කෝ සල්ලි...කෝ වෙලාවක.
ඔයා වගෙම මටත් හැඟීම් දැනීම් තියෙනවා. මට දේවල් ඕනි වුනු දවසට ඔයා අනිත් පැත්ත හැරිල ගොරෝ ගොරෝ නිදි. එහෙම නැතිනම් මම එනකොට ඔයා උදේම යන්න ඕනි කියලා වේලාසන නිදි.
මේ හැමදේම මැද්දේ අපේ දරුවො ටික දුකක් නොදී හදන්න ඔයා මහන්සි වෙනවා කියල මම දන්නවා. තාමත් මම ඉස්සර වගේම ඔයැයිට ආදරේ බව මතක තියා ගන්න.
මෙයට ඔබේ
ආදරණිය
භාර්යාව
ප:ලි:- ඒක නෙමෙයි ඇත්තටම මොකද ඔයා සීතා අඳින හැටි ගැන ඔච්චර උනන්දු??

උපුටා ගැනීමකි.

2 comments:

  1. ස්වාමියාගේ අයිතීන් කඩවී ඇත.. :-(

    ReplyDelete