Thursday, May 8, 2014

ජෙනරාල්ගෙ බණ

ජෙනරාල්ගෙ බණ.............

 අවුරුද්දෙ රස්නෙ අඩුවෙලා වෙසක් වැස්සෙන් ගත සිත නිවා ගෙන නිවා ගෙන යනවා. සයිබරේ කස්ටිය අවුරුද්දට ගත්තු ෆන් එක අතේ තියෙන ඩේටා වික වියදම් කරගෙන වර්චුවල් විදිහට ගත්තු ජෙනරාලුත් හූල්ල හූල්ල ඉන්න අතරෙම පොඩි පොඩි ආතල් වැඩ ටිකකටත් සම්මාදං උනා...

මේ තියෙන කැහිල්ල මේ වතාවෙ නම් සනීප කර ගන්නවමයි කියලා වැඩේ ඉවර කරාට ආයිත් වැඩක් සෙට් වෙන කොට ජෙනරාල්ගෙ කැහිල්ලත් අර පිටේ කසාන තිබුණු අත්කොටාට වගේ නහුතෙටම නගිනවා......

ඔය කරගහන්නෙ ඉතිං...... හරක වගේ


 කර තියලා,බර ඇදල, බැනුං අහලා, අතේ කියන කීය හරි පූජ කරලා, යන්තං පොඩ්ඩක් සනීප කර ගන්නවා......

හරක කියලා මරන්ඩයැ ඉතිං..... පාං කෑල්ලක් දීලවත් හදාගන්නව මිසක්කා.....

අවරුදු කාලෙ ජෙනරාල්ලගෙ කස්ටියටත් අවුරුදු උන සහලෝලම නැගපු නිසා උං එක්ක පිස්සුවක් කෙළලා ජෙනරාලුත් අමාරුව සනීප කර ගත්තා.....


ඒක ඉවරයි.......

ඊළගට ඔන්න වැස්ස අතරෙන් ආපි........ කවුද............

වෙසක් බං.... වෙසක්.............

දැං කස්ටියට වෙනමම අසනීපයක්..........

අවුසදේ විදිහට නියම උනේ බණක්........ මුන්ට ඉතිං පොඩි පොඩි වැඩ හුරු නැහැනේ ...... දැං කියන්න හදන්නෙත් සුපිරි බණක්......

දේශකයා කවුද.....

මාවරලේ භද්දිය හාමුදුරුවෝ.....

කාලා වරෙන්කො....... නාලා බලන්කො කිවුවලු...... මුන්ටත් ඉතිං පුලුවන් ලොකුම එකෙන් ඕනි,,,,

ජෙනරාල් කොහොමත් ඔය සරුව පිත්තල බුද්ධාගමට විරුද්ධයි.... බෞද්ධ සාහිත්‍ය කතා වල තියෙන තාර බර ඇරලා අරගෙන ඒඅනුසාරයෙන් ත්‍රිපිටකේ තියෙන දේවල් වල ප්‍රායෝගික භාවිතය සොයා ගැනීම තමයි ජෙනරාල්ගේ බුද්ධාගම.

ඒත් ඉතිං මගහරින්න බෑනේ...... යුතුකමක් විදිහට කට්ටෙ ජෙනරාල්ගෙ කෙටස කාලා එහෙම සතුටු සිතින් ඕං ඉතිං ජෙනරාලුත් ගියා කියමුකො බණ අහන්න.......


බණ ටික පංකාදුයි..... හාමුදුරුවෝ කියන දේ දැනෙන්න කියනවා. බණ අහලා ජෙනරාල් කල්පනා කලේ ඒ තියෙන ආකර්ශනීය ගතියට හේතු මොනවද කියලා......

සෑහෙන වෙලාවක් දැහැන් ගත වෙලා ඉන්න කොට ඕං ජෙනරාල්ගෙ කරවුනු මොලේට හේතු කිහිපයක් අරමුණු උනා.

1) සරලයි. කරුනු ගොඩක් නැහැ. මුල මැද අග ගැට ගහගන්න ලේසියි.

2) සාම්ප්‍රදායික බණ අාකෘතියෙන් මිදිලා. නැවුම් බවක් තියෙනවා.

3) උදාහරන කාලීනයි. අහන පිරිසට අදාලයි.

ඔය වගේ හේතු නිසා බණටික ජෙනරාල්ට අල්ලලා ගියා. කාලෙකට පස්සේ පිණක් දහමක් කරගත්තු ජෙනරාල් ඒ සතුට පිවින්ම පෝස්ටුවකුත් කොටා ගත්තා....

එහෙනම් සාධුකාරයක් එහෙම දීලා අනුමෝදන් උනා නම්......


3 comments:

  1. මටනම් තේරුම් ගන්න සංකීර්ණ වැඩියි ඕන්.. :-(

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි.... එච්චරටම දරුණු දෙයක් නැහැ වෙදෝ...... ජෙනරාල්ට දැණුනු පොඩි ආතල් එකක් අකුරු කරා එච්චරයි......

      Delete
  2. ඒ බණද...... මේ බණද.......

    ReplyDelete